/ Mar 25, 2025

“හෙට පාර්ලිමේන්තුවට නිවාඩු දෙන්න!” – චාමරගෙන් ඉල්ලීමක්

සත්ත්ව සංගණනය සිදුවන හෙට දිනයේ දී පාර්ලිමේන්තුවට නිවාඩු ලබාදිය යුතු බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ වතුවලටත් වනසතුන් එන බැවින් එම වනසතුන් ගණන් කිරීම සඳහා සත්ව සංගණනය පැවැත්වෙන හෙට දින පාර්ලිමේන්තුවට නිවාඩු ලබාදිය යුතු බවයි මන්ත්‍රීවරයා එහි දී පෙන්වාදුන්නේ.

“හරි නම් හෙට අපිට පාර්ලිමේන්තුව නිවාඩු දෙන්න. හෙට රිලා වදුරු සංගණනය තියෙනවා තියනවා. අපි නැතුව අපේ ඉඩම්වල රිලව් ගණන් කරන්නේ කවුද? ඒක නිසා සත්තු ගණන් කරන්න අපිට හෙට පාර්ලිමේන්තුව නිවාඩු දෙන්න. ගෑණු රිලව්, පිරිමි රිලව් වෙන වෙනම දාන මොකක්ද වැඩපිළිවෙළක් හදනවා කිව්වත් තාම ඒක වුනේ නෑ” යනුවෙන්ද මන්ත්‍රීවරයා එහි දී කියා සිටියේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top