/ Jun 26, 2025

ගුවන් අනතුරෙන් තුවාල වූ සෙබළුන්ගේ සුවදුක් බලන්න යුද හමුදාපති යයි (Photos)

ඊයේ (09) දිනයේ සිදු වූ ගුවන් අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සඳහා යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ පොළොන්නරුව මහ රෝහලට ගොස් තිබේ.

එහිදී යුද්ධ හමුදාධිපතිවරයා තුවාල ලැබූ හමුදා සාමාජිකයින්ට අවශ්‍ය කරන ඉදිරි ප්‍රතිකාර පිළිබඳව ද රෝහල් බලධාරීන් සමග සාකච්ඡා කර ඇති බව සඳහන්.

ඊයේ උදෑසන ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටුණේ විසිරයෑමේ පෙළපාලියක නිදර්ශනයක් අතරතුරයි.

අනතුර සිදුවන අවස්ථාව වන විට එම යානයේ 12 දෙනෙකු ගමන් කරමින් සිට තිබුණු අතර ඉන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

තුවාල ලැබූ සෙසු හමුදා සාමාජිකයන් පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top