/ Apr 20, 2025

අසේල සම්පත් සීලරතන හිමි සමඟ එක්වෙයි – කොළඹ ලොකු පුටුවට සිහින දකී !

ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීම සඳහා ඊයේ (17) නාමයෝජනා අත්සන් කරනු ලැබීය.

ඒ, බත්තරමුල්ලේ සීලරතන හිමිගේ නායකත්වයෙන් යුත් ජනසෙත පෙරමුණ පක්ෂයෙනි.

නාම යෝජනා අත්සන් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අසේල සම්පත් කියා සිටියේ,

“අපේ නායක වහන්සේගේ ආශිර්වාදයෙන් මම කොළඹ නගර සභාවට තරඟ කරනවා. අපේ මූලික අරමුණ අඩු ආදායම්ලාභී ජනතාවගේ කුස පුරවන එක. සාධාරණ මිලකට තේ එකක් බොන්න ක්‍රමයක් අපි හදනවා. පොත්ත සුදු, තාත්තගෙන් පුතාට බලය දෙන සිස්ටම් එක වෙනස් කරලා, ඔබ වෙනුවෙන් කතා කරන ජනතා නියෝජිතයෙක් මහ නගර සභාවට යවන්න. කොළඹ නගර සභාව ක්ලීන් කරන්න ට්‍රැක්ටරය ලකුණට ජයග්‍රහණය ලබා දෙන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා.” යනුවෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top