බටලන්ද කොමිෂන් සභාව 1948 අංක 17 දරණ පරීක්ෂණ කොමිෂන් සභා පණත යටතේ පත් කළ එකක් බැවින් එයට කෙනෙකුගේ සිවිල් අයිතිය හෝ ප්‍රජා අයිතිය හෝ අහෝසි කිරීමට බලයක් නැතැයි මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම පවසයි.
එවැනි ක්‍රියාමාර්ග ගත හැක්කේ 1978 අංක 7 දරණ විශේෂ ජනාධිපති කොමිෂන් සභා පණත අනුව පත් කරන කොමිෂන් සභාවලට පමණක් බව ඔහු කියා සිටී.
බටලන්ද කොමිෂන් සභා නිර්දේශ අනුව ඉදිරියේදී ජනතාවගේ ජීවත්වීමේ අයිතිය, නිදහස, මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සාධනීය වෙනස්කම් සහ ප්‍රතිසංස්කරණ කිරීමට හැකි බව ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් අදාළ පුද්ගලයන්ට එරෙහිව අපරාධ නඩුවක් පැවරීමට හැකි බව ද ඔහු පවසයි.