මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත හන්දිය නම් ස්ථානයේදී කළ වෙඩි තැබීමකින් වයස අවුරුදු 39ක් වන අරුණ විදානගමගේ හෙවත් කජ්ජා යන අය මිය ගොස් ඇති අතර ඔහු සමඟ සිටි සිඟිති දියණිය සහ පුත්‍රයාද එම වෙඩි තැබීමෙන් මරුමුවට පත්ව තිබේ.
ටී 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර මේ තිදෙනා යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අතරතුර වෙඩි තැබීම සිදු කර ඇත.
ඝාතකයන් මෙතෙක් හඳුනාගෙන නැති අතර පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.