/ Jul 25, 2026

ගල්වලකින් දැරියකගේ සිරුරක් මතුවෙයි!

මහවලතැන්න කජුවත්ත ප්‍රදේශයේ ගල්වලක තිබී දැරියකගේ මළසිරුරක් සොයාගෙන තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 17 හැවිරිදි මහවලතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක් වන අතර එම දැරිය පසුගිය 23වනදා සිට නිවසින් අතුරුදන්ව සිට ඇති අතර ඇයගේ පියා විසින් ඒ සම්බන්ධයෙන් බලංගොඩ පොලීසියට පැමිණිල්ලක් සිදු කර ඇත.

මෙය මනුෂ්‍ය ඝාතනයක්ද, සියදිවි නසා ගැනීමක් ද නැතහොත් දියේ ගිලී මිය යාමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) බලංගොඩ රෝහලේදී පැවැත්වීමට නියමිත අතර බලංගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top