/ May 13, 2026

අයහපත් කාලගුණය : රතු නිවේදනයක්!

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

උක්ත සඳහන් ප්‍රදේශවලට මිලිමීටර් 150 ඉක්මවූ ඉතා තද වැසි ඇති විය හැකි අතර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව එහි දැක්වේ.

ගිගිරුම් සහිත තද වැසි සමග ඇති විය හැකි තද සුළං සහ අකුණු සම්බන්ධයෙන්ද ජනතාව දැනුවත් කෙරේ.

ඊයේ දිනට අදාළව වැඩිම වර්ෂාපතනය කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ප්‍රදේශයෙන් ලැබී තිබේ. මිලිමීටර් 225.5කි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top