එයාබස් ගනුදෙනුවට අදාළව අල්ලස් ලබා ගත් බවට සැක පිට නඩුවකට මුහුණ දී සිටියදී අබිරහස් ලෙස මරණයට පත් වූ ශ්‍රී ලංකන් එයාර්හි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (12) පැවැත්විණ.
එහිදී විමර්ශන නිලධාරීහු අධිකරණයට වාර්තා කළේ, විමර්ශන සඳහා ඔහුගේ ජංගම දුරකතනය ( IPhone 16 Pro Max ) පරීක්ෂා කිරීමට අගුළු ඇරීමට උත්සාහ කළද එය මුහුණු ප්‍රවේශ (Face ID) යොදා තිබු නිසා අගුළු විවෘත නොවුණු බවයි. වැඩිදුරටත් කරුණු දැක්වූ ඔවුන් අධිකරණයෙන් ඉ සිටියේ කපිලගේ මළ සිරුරේ මුහුණට එය යොමු කළද එය ක්‍රියාත්මක නොවූ බැවින් එහි මව් සමාගමට හෝ සුදුසු ආයතනයකට යොමුකර විවෘත කරවාගැනීමේ නියෝගයක් ලබාදෙන ලෙසයි.
ඇප ලබා පැමිණි කපිල චන්ද්‍රෙස්න මහතා ඇපකරුවන්ගේ ප්‍රශ්නයක් හේතුවෙන් යළි සිරගත වීමට සිදුවතිබීම සම්බන්ධයෙන් දැඩි අකමැත්තකින් පසුවූ බව ඔහුගේ ඥාති සොහොයුරු හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සඳහන් කළේය.






