/ Nov 03, 2026

ඇතැම් දත්ත සිස්ටම් එකේදිම වෙනස කරලා – RMV දත්ත සියල්ල වලාන දුෂණ මර්දන ඒකකයට!

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ තිබූ දත්ත සියල්ල, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් සහ පරිගණක විශේෂඥ කණ්ඩායමක් විසින් සාර්ථකව සටහන් කරගෙන අවසන් කර තිබේ.

පොලිසිය පවසන පරිදි, මෙම ක්‍රියාවලිය සඳහා පැය 24කට අධික කාලයක් ගත වී ඇත.

එහිදී අදාළ සියලු දත්ත අභ්‍යන්තර දත්ත පද්ධතිය වෙත පිවිසීමෙන් ඉතා ආරක්ෂාකාරීව සටහන් කරගැනීමට විශේෂඥ කණ්ඩායම සමත්ව ඇති අතර මෙම දත්ත සමුදාය ඔස්සේ ඉදිරියේදී දැඩි හා ගැඹුරු විශ්ලේෂණයක් සිදු කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

මීට අමතරව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දත්ත පද්ධතියේ ඇතැම් දත්ත පද්ධතිය තුළම වෙනස් කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවද පොලීසිය පවසයි.

පද්ධතියේ සිදුව ඇති යම් යම් අක්‍රමිකතා හෝ වෙනස් කිරීම් සම්බන්ධයෙන් මෙම දත්ත විශ්ලේෂණය හරහා සියලු සත්‍ය තොරතුරු ඉදිරියේදී අනාවරණ කරගැනීමට හැකි වනු ඇතැයි පොලීසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top