බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (27) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සදහා මන්ත්‍රිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබුණි.
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ අක්‍රමිකතාවකට අදාළව එහි දී ප්‍රශ්න කළ බව සඳහන්.
ඉන් අනතුරු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.