පළාත් පාළන ආයතන මැතිවරණයට අදාළව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ රුපියල් 74ත් රුපියල් 160ත් අතර මුදලක් මෙලෙස එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි බවයි.
ඡන්දය පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 336 සඳහා වෙන්වෙන් වශයෙන් එම මුදල ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.
ඒ අනුව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි අඩුම මුදල වන රුපියල් 74 මන්නාරම පළාත් පාලන ආයතනය සඳහා වන අතර වැඩිම මුදල වන රුපියල් 160 ප්‍රකාශයට පත් කර ඇත්තේ ලාහුගල පළාත් පාලන ආයතනය සඳහා බවයි මැතිවරණ කොමිෂන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.