ජනපතිවරුන් දෙදෙනෙකුගේ පාලන කාල තුලදී කර ගැනීමට බැරි වූ කටයුත්තක් වත්මන් ජනපති අනුර කුමාර දිසානායක විසින් බලයට පත්ව මාස කිහිපයක් තුළ ඉටු කළ බවත්, ඔහු කෙලින් වැඩ කරන නායකයෙකු බවත් සමගි ජනබලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි පවසා සිටියේ ය.
තංගල්ල හේන්කඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කිරීම එම කටයුත්ත බව මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.
බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණි.
මෙම විහාරය රාජපක්ෂවරුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල වැඩකොටසක් කළ එකක් වුවත් එම රජයන් යටතේ ඉටු නොකළ කර්තව්‍යය වත්මන් ජනපතිවරයා පක්ෂ පාට නොබලා ඉටු කළ බැවින් දිලිප් වෙදආරච්චි මන්ත්‍රීරයා සිය ගෞරවය එහිදී ජනපතිවරයා වෙත පළ කළේ ය.