/ Oct 21, 2026

හෙද – සුළු සේවක හිඟයෙන් හලාවත රෝහල අර්බුදයක

හෙද හා සුළු සේවක හිඟයෙන් හලාවත දිස්ත්‍රික් මහ රෝහල අර්බුදයකට පත්ව ඇති බව වාර්තා වේ.

2026 වසරේ අවශ්‍යතා අනුව රෝහලේ සේවා පවත්වාගෙන යාම සඳහා හෙදියන් 400කට වැඩි පිරිසක් අවශ්‍ය වුවද, දැනට දිනකට සේවයේ නිරත වන්නේ හෙදියන් 272ක පමණ පිරිසක් බව සඳහන් වේ.

2018 වසරේ අවශ්‍යතා අනුව පවා රෝහලේ හෙදියන් 320ක් සිටිය යුතු බවත්, දැනට සේවයේ නිරත හෙදියන්ගෙන් 26 දෙනකු ලබන වසරේදී විශ්‍රාම යාමට නියමිත බවත් වාර්තා වේ.

මීට අමතරව, රෝහලේ සුළු සේවක තනතුරුවල 108ක පුරප්පාඩු පවතින බව ද සඳහන් වේ.

මෙම කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් රෝහල් සේවා පවත්වාගෙන යාමේදී බාධා මතුවීමේ අවදානමක් පවතින අතර, එහි බලපෑම අවසානයේ රෝගී ජනතාවට එල්ල විය හැකිය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු කර කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීමට පියවර ගත යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් මෙම ගැටලුව පාර්ලිමේන්තුවේදී මතු කරන ලෙස ජනතා ඉල්ලීමක් ද ඉදිරිපත් වී තිබේ.

ප්‍රසාද් පූර්ණමාල්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top