/ Apr 20, 2025

විශ්‍රාමික බන්ධනාගාර අධිකාරීට වෙඩි තැබීම: සැකකරු රටින් පනින්න යද්දී දැලේ!

පසුගිය දා සිදු කළ බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරිවරයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ ප්‍රධාන වෙඩික්කරු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (15) ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් තායිලන්තය වෙත පැන යාමට උත්සාහ දරා ඇති අතර එහිදී සැකකරු කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්තොටුපොළේ සවිකර ඇති මුහුණු හඳුනාගැනීමේ උපකරණවලින් ඔහු හඳුනාගත් බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි අම්බලන්ගොඩ කුළීවත්ත ප්‍රදේශයේ පදිංචි විජේමුණි ලලන්ත ප්‍රීතිරාජ් කුමාර නැමැත්තෙකි.

සැකකරු දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කරන්දෙණිය සුද්දා නැමැති අයගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කරමින් සිටි අයෙකු බවද පොලීසිය හෙළිකරගෙන ඇත

එමෙන්ම මොහු ගාල්ල සහ අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල මිනීමැරුම් සහ මූල්‍ය වංචා රාශියක් සඳහා ද පොලීසියට අවශ්‍ය කර සිටින සැකකරුවෙක් බවද පැවසේ.

සැකකරු ව්‍යාජ නමක් භාවිත කර විදේශ ගමන් බලපත්‍රයක් සාදා ගෙන ඇති අතර රටින් පිටවීම සඳහා ඔහු මෙම නම භාවිත කර තිබේ.


 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top