දරුඵල අහිමිවූවන්ට එම සිහිනය සඵල කරගැනීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් නව ඒකකයක් පිහිටුවීමට කාසල් වීදියේ කාන්තා රෝහල පියවර ගෙන තිබේ.
මෙම ඒකකය හඳුන්වන්නේ “ශුක්‍රාණු බැංකුව” ලෙසය.
මාතෘ රෝහල් ඉතිහාසයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට රජයේ රෝහලක ප්‍රථම වරට ක්‍රියාත්මක ශුක්‍රාණු බැංකුව පසුගියදා කාසල් වීදිය කාන්තා රෝහලේදී ස්ථාපිත කෙරුණි.
එම නව ඒකකය සම්බන්ධව අදහස් දක්වමින් වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පැවසුවේ දරුඵල ලැබීමට නොහැකිවීම මත විවාහ වූ යුවලකට ඒ සම්බන්ධව දැන් බිය විය යතු නැති බවය.
ඒ අනුව අදාළ යුවල මෙම ඒකකයට පැමිණිමෙන් මෙම කාර්යය විසඳාගත හැකි බවත් මෙම සියලුම කාර්යන් නොමිලයේ මෙන්ම සම්පූර්ණයෙන්ම රහසිගතව සිය අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් සිදුකළ හැකි බවත් වෛද්‍යවරයා පැවසුවේය.