ජාතික විදුලි බල පද්ධතියේ ඉල්ලුම අඩුවන අවස්ථාවලදී සූර්ය බලශක්ති පද්ධතිය මඟින් උත්පාදනය කරනු ලබන විදුලිය ලබා ගැනීම සීමා කිරීමට විදුලි බල මණ්ඩලය සාකච්ඡා පවත්වමින් සිටියි.
ඒ අනුව රජය විසින් ඒ සදහා අට දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුවේ ප්‍රධානියා ලෙස පත්කර ඇත්තේ ජාතික විදුලි පද්ධති පාලන මධ්‍යස්ථානයේ ප්‍රධාන ඉංජිනේරුවරයායි.
විදුලි ඉල්ලුම අඩු ඉරිදා සහ නිවාඩු දිනවල ජාතික පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගැනීම සඳහා සීමා කිරීමේ යාන්ත්‍රණයක් හඳුන්වාදීම අත්‍යවශ්‍ය බවයි විදුලි බල මණ්ඩලයේ අදහස වී ඇත්තේ.