නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුගතව ‘ පොහොසත් රටක් – සුරක්ෂිත ජීවිතයක්’ යන දැක්ම සාක්ෂාත් කර ගැනීමට හැකි වන පරිදි බහු විධ ප්‍රවේශයක් සහිත ඒකාබද්ධ වැඩසටහනක් වශයෙන් “ප්‍රජා ශක්ති” වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
වර්තමාන ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සෑම පුද්ගලයන් 06 දෙනෙකුගෙන් එක් අයෙකු බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන අතර, එම ජන ගහනයෙන් 95.3% ක් ග්‍රාමීය හා වතු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන බවයි සංඛ්‍යාලේඛනවලින් පෙන්වා දෙන්නේ.
පසුගිය දශක කිහිපය තුළ දිළිඳුකම පිටු දැකීමේ සුබ සාධන වැඩසටහන් මඟින් සහන සලසන ලද ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව සහ ඒ සඳහා වැය කරනු ලැබ ඇති මුදල් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ ගොස් තිබේ.
මෙම තත්ත්වය දිගින් දිගටම පවත්වා ගෙන යාම රටේ ආර්ථික හා නිෂ්පාදන ක්‍රියාවලියට අහිතකර ලෙස බලපාන බැවින්, අවදානම් කණ්ඩායම් පමණක් විධිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලකට යොමු කර අනෙක් පිරිස ආර්ථික ක්‍රියාවලියේ සක්‍රීය කොටස්කරුවන් ලෙස දායක කර ගනිමින් ක්‍රමවත්ව සැලැසුම් කරන ලද වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුව ඇති බවයි මෙම වැඩසටහන මඟින් තහවුරු කරන්නේ.