2019 වසර් අප්‍රේල් 21 එනම් පාස්කු ඉරු දින එල්ල කෙරුණු ම්ලේච්ඡ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් ජනපති අනුර දිසානායක විශේෂ ප්‍රකාශයක් කර තිබේ. ඒ එළැඹෙන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවයි.
ජාතික ජනබලවේග රජය පත් කිරීමට මෙරට අගරදගුරුවරයා ඇතිළු කතෝලික ප්‍රජාව සැලකිය යුතු මෙහෙයක් ඉටු කළෝ ය. පසුගිය දා කාදිනල්වරයා පැවසුවේ මෙම රජය බලයට පත් කරනු ලැබුවේ සාධාරණත්වය අපේක්ෂාවෙන් බවත් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවේ නම් තමන් පාරට වුව බැසීමට සූදානම් බවත් ය.
කෙසේ වෙතත්, ඊයේ (30) දෙයියන්දර ප්‍රදේශයේ ජනරැළියක් ඇමැතූ ජනපතිවරයා කියා සිටියේ,
“පාස්කු ප්‍රහාරය පිළිබද පරීක්ෂණ විධිමත්ව ක්‍රියාත්මක වෙනවා. අප්‍රේල් මාසයේ 21වනදාට නැවත පාස්කු ප්‍රහාරයේ දිනය සිහිපත් වෙනවා.
බොහෝ දුරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ දරමින් තිබෙනවා අප්‍රේල් 21වනදා පෙර එයට වගකිව යුතු සැලකිය යුතු කණ්ඩායමක් හෙළිදරව් කරන්න”
යනුවෙනුයි.