/ Apr 20, 2025

රාමසාන් උළෙල අදයි!

Ramadan is today!

ඉස්ලාම් දහමේ ප්‍රධානතම ආගමික උත්සවය වන රාමසාන් උත්සව දිනය මෙවර අද (31)ට යෙදී තිබේ. 

රාමසාන් ඉස්ලාමීය දින දසුනේ නව වසර ඇරැඹෙන මුහම්මර් මාසයට පසුව උදාවන දසවැනි මාසයයි. රාමසාන මස නව සඳ බැලීමෙන් ඇරඹෙන උපවාස සමය ෂව්වාල් මස ඇරඹීමත් සමඟ නිමා වේ.

මෙරටදී නෝම්බි සමය ලෙස හැඳින්වෙන උපවාස සමයේ ඉස්ලාම් අනුගාමිකයන් නිරාහාරව සිටීම, ස්වයං විනය පුහුණු කිරීම, යාඥා කිරීම ආදී ආගමික වතාවත්වල නිරත වෙති. ඉස්ලාමික ප්‍රධාන ආගමික ග්‍රන්ථය වන අල්-කුරාණය පිළිබඳ පළමු හෙළිදරව්ව නබිතුමාණන් වෙත ලැබුණු දිනය ලෙසද රාමසාන් දිනය සැලකේ.

නිරාහාරය හෙවත් උපවාසය ඉස්ලාමයේ මූලික මූලධර්ම පහෙන් එකකි. හිරු උදාවත් සමඟ ආහාරය අත්හරින ඉස්ලාමිකයන් හිරු අවරට යන තුරුම ආහාර නොගෙන උපවාසය රකිති. එම සමයේ ආහාරයෙන් පමණක් නොව අපිරිසිදු සිතිවිලිවලින් වැළැකී සිටීමට ද ඔවුන් වෑයම් කරති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top