/ Apr 19, 2025

අධිකරණයට හිස නොනවා අගරු කළේ යැයි නීතිඥවරිය රිමාන්ඩ්!

lawyer-remanded Disrespecting Court

පසුගිය මාර්තු 28 වැනි දා පුත්තලම මහාධිකරණයේ නඩු කටයුත්තකදී අධිකරණ ශාලාවට ඇතුළුවීමේදී එක්තරා නීතිඥවරියක් හිස නැවීමකින් තොරව ඇතුළු වූ බවත් නිසි ගෞරවය නොපන්වූ බවටත් අධිචෝදනා ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම මහාධිකරණ විනිසුරු අපර්ණා සුවඳුරුගොඩ නියෝග කර ඇත.

නීතිඥවරියට එරෙහි අනෙක් චෝදනාවෙන් කියැවෙන්නේ මාර්තු 7 වන දින ඇප විභාගයක් සඳහා චූදිතයෙකු වෙනුවෙන් පෙනී සිටි විට එම නීතිඥවරිය හිතාමතාම නිසි ගෞරවයකින් තොරව අධිකරණයට ආමන්ත්‍රණය කළ බවයි.

ප්‍රියංකා උදයාංගනී සමරතුංග නම් නීතිඥවරියක් වන ඇයට ඉදිරිපත් කර ඇති අධිචෝදනා පත්‍රය පහත දැක්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top