/ Jun 08, 2026

ඉරාන – ඊශ්‍රායල ප්‍රහාර මැද බොරතෙල් මිල යළි ඉහළට!

ඉරානය විසින් ඊශ්‍රායලයට යළිත් මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු අද (08) උදෑසන වන විට ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ.

ඒ, අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 3.56%කින් මිල ඉහළ ගොස් ඇති අතර, ඇමරිකානු ඩොලර් 96.38 ක් ලෙස එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල ලෙස දැක්වෙයි.

එමෙන්ම එක්සත් ජනපදය වෙළඳාම් කරන WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද 3.41%කින් මිල ඉහළ ගොස් ඇත.

WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 93.63 ක් ලෙසයි.

ඉරානය විසින් ඊශ්‍රායලය වෙත එල්ල කරන ලද මිසයිල ප්‍රහාර වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ඊශ්‍රායලයද ඊට ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ අනුව බටහිර සහ මධ්‍යම ඉරානයේ පිහිටි ඉරාන ත්‍රස්ත පාලන ත්‍රන්තයට අයත් හමුදා මූලස්ථාන සහ මිලිටරි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායල ආරක්ෂාක බලකාය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඊශ්‍රායලය සහ ඉරානය අතර නැවත ආරම්භ වී ඇති ප්‍රහාර හුවමාරුව ටෙහෙරානය සමග දැනට පවත්වාගෙන යන සාම සාකච්ඡාවලට කිසිදු බලපෑමක් නොකරනු ඇති බව තමන් විශ්වාස කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන අතරම ඔහු තවදුරටත් ප්‍රකාශ කරන්නේ අදාළ සාකච්ඡා තමන් විසින් මෙහෙයවන බවත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට තීන්දු තීරණ ගැනීමේ බලයක් ද නැති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top