වත්මන් ආණ්ඩුව බලයට පැමිණ පාස්කු ප්‍රහාරයේ ෆයිල් යට ගැසූ නිලධාරීන් ආරක්ෂා කරමින් යුද්ධය අවසන් කළ බුද්ධි අංශ නායකයින් සිරගත කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
මේ වන විට ආණ්ඩුවට තියෙන ජනතා විරෝධී න්‍යාය පත්‍රය නිසා ගොවියාට ධීවරයාට කම්කරුවාට විරුද්ධව ගන්නා තීන්දු තීරණ හේතුවෙන් අද ගම්වල ජනතාව නැවත වතාවක් ශ්‍රී ලංකාපොදු ජන පෙරමුණ වටා ඒකරාශී වෙමින් සිටින බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.
”ත්‍රස්තවාදය පරාජය කරන්න අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාවේ අම්මලා තාත්තලගේ දරුවන්ගේ ජීවිත පූජා කරා. ආණ්ඩුවට කටක් කරලා කොන්ද කෙලින් තියන් ඒ රණවිරුවන්ට රණවිරුවන් කියන්න බැරි තැනට වැටිලා තියෙනවා. ආණ්ඩුවේ අවශ්‍යතාවය ඩයස්‌පෝරාවේ න්‍යාය පත්‍රය දැන් සලේව ගෙනල්ලා සුරේෂ් සලේව ගෙනල්ලා හිර කරගෙන ඉන්නවා. ජනාධිපතිවරයාගේ නියමය ජනාධිපතිවරයාගේ සැලැස්ම මොකක්ද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ගේ ජාතික ලැයිස්තුව හිටපු මහත්තයෙක්ගේ පුතාලා දෙන්න මරාගෙන මැරුණේ පොහොට්ටුවේ එක්කෙනෙක් නෙවෙයි. ජේවීපී එකේ පාස්කු ඉරිදා ප්‍රහාරය වෙනකොට වගකීම් පැහැර ඇරපු නිලධාරීන් අද ආණ්ඩුව ඉහළ තනතුරු දරනවා. ඒ සියල්ලම යට ගහලා යුද්ධය අවසන් කරන්න බුද්ධි අංශයට නායකත්වය දීපු නිලධාරීන්ව ගෙනල්ලා හිර කරගෙන ඉන්නවා කාගේ අවශ්‍යතාවයද වුවමනාව ද මේ ආණ්ඩුව ඉෂ්ඨ කරන්නේ කාගේ අවශ්‍යතාවයද.
රටක බුද්ධි අංශය දුර්වල කිරීම තුළ රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටෙනවා යහපාලන ආණ්ඩුව ඒ වැරැද්ද කරගත්තා. යහපාලන ආණ්ඩුව බලයට ඇවිල්ලා බුද්ධි අංශ නිලධාරීන් හිරගත කරා ඔබට මතක ඇති. අවසානයේ අන්තවාදීන් හිස එසවූවා.
අපේ හාමුදුරුවනේ අන්තවාදීන් හිස ඔසවලා පාස්කු ප්‍රහාරය ඇති කරා එදා ආණ්ඩුව ඒක යට ගැහුවා. එදා ආණ්ඩු පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න නිලධාරීන් ක්‍රියාත්මක වුණේ නෑ. අද මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා ෆයිල් යට ගහපු ෆයිල් හංගපු බුද්ධි අංශ වාර්තා හංගං හිටපු නිලධාරීන්ව ආරක්ෂා කරලා යුද්ධය අවසන් කරන්න රණවිරුවන්ට බුද්ධි අංශයන්ට නායකත්වය දීපු නිලධාරීන්ව හිරගත කරනවා. ජනාධිපතිවරයාගේ නියමය කාගේ අවශ්‍යතාවයද ආණ්ඩුව ඉටුකරන්නේ කාගේ අවශ්‍යතාවයද ආණ්ඩු ඉටුකරන්නේ.”
රණවිරුවන් තමන්ගේ ජීවිත පූජා කර ලබාගත්ත ජයග්‍රහණය මෙලෙස පාවා දෙන අයුරු දකින විට තමන්ට දුකක් දැනෙන බවද මන්ත්‍රීවරයා කියා සිටියි.






