ඊයේ (30) දිනය වන විට වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු මරණ 62ක් දක්වා වැඩි වී තිබේ.
එමෙන්ම ඩෙංගු ආසාදිත රෝගීන් ගණන 84724ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.
වැඩිම රෝගීන් ප්රමණයක් වාර්තා වී ඇත්තේ ඒ මාසයේ ගෙවුණු දින 30 තුළ වන අතර එය 29,350ක් ලෙස දැක්වෙයි.
වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්රික්කයෙන් වන අතර එය 17971ක් ලෙස දැක්වෙයි. කොළඹ දිස්ත්රික්කයෙන් මේ දක්වා ඩෙංගු ආසාදිතයින් 16814ක් හදුනා ගෙන ඇත.
ඩෙංගු රෝගීන් අඩුවෙන් වාර්තා වී ඇත්තේ උතුරු පළාතෙන් වන අතර එය 1223ක් ලෙස වාර්තා වී ඇත.






