/ Jul 31, 2026

හේමසිරි සහ පූජිත්ට එරෙහි පාස්කු නඩුවේ තීන්දුව අද!

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයකින් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව අද (31) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබූ අතර, එහි තීන්දුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ප්‍රකාශයට පත් කරනු ලබයි.

මීට පෙර මහාධිකරණයේ ඔවුන්ට එරෙහිව පවරා තිබුණු නඩුවෙන් නිදොස් කොට නිදහස් වුවද ඒ අවස්ථාවේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබා ගැනීම සිදු නොවී තිබුණ අතර යළි එම නඩුව නීතිපතිවරයා විසින් ගොණු කිරීමට කටයුතු කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top