2026 ජූලි මාසයේ 10 වන දා සිට බලපැවැත්වෙන පරිදි, බලහත්කාර ශ්‍රමය යොදා නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනය කිරීම ශ්‍රී ලංකාව විසින් තහනම් කර තිබේ.
මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව මින් ඉදිරියට භාණ්ඩ ගෙන්වීමේදී ඒවා බලහත්කාර ශ්‍රමයෙන් තොරව නිපද වූ බවට සහතික කරන ලියවිලි ආනයනකරුවන් විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්ට ඉදිරිපත් කළ යුතු වෙයි.
බලහත්කාර ශ්‍රමය භාවිතා කරමින් නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනය කරනු ලබන රටවල් හැටකට ආසන්න ප්‍රමාණයක් හදුනා ගෙන එම රටවල් මත 12.5% ක අතිරේක තීරු බද්දක් පැනවීමට ඇමරිකාව සැලසුම් කර තිබුණි.
රජය ගත් මෙම පියවර හේතුවෙන් එම අවදානම මඟහැර යා හැකි බව විශේෂඥ මතයයි.






