වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන්, දින 20ක කාලයක් සැඟව සිටීමෙන් පසු ඊයේ (19) දිනයේ මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාරවුණි.
ඒ අනුව මාතර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.
අදාළ නියෝගයට අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ පස්වරුවේ අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා තිබුණි.
අනතුරුව ඔහු අද (20) දිනයේ යළි මාතර මහේස්ස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කෙරිණි.