වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් මෙරටට පසු මෙරටට ගෙන් වූ දෙවන වාහන තොගය ද පසුගිය දා හම්බන්තොට ජාත්‍යන්තර වරායට ගොඩබස්සවා තිබේ.
Glovis Century, නෞකාවෙන් මෙම වාහන තොගය මෙරටට ගෙන ආ අතර ඉන් මෝටර් රථ 1,159 ක් මෙරටට ගොඩබෑ බව සඳහන්.
එයින් මෝටර් රථ 669ක් ප්‍රතිඅපනයනය සඳහා පැමිණි ඒවා බවයි වාර්තා වන්නේ.
ඉතිරි මොටර් රථ 490 ශ්‍රී ලංකාවේ ආනයනකරුවන් විසින් ගෙන්වනු ලැබූ ඒවා වන අතර එයින් මෝටර් රථ 462ක්ම BYD වර්ගයේ මෝටර් රථ බව සඳහන්.