ග්‍රාමීය බැංකු ක්ෂේත්‍රයේ පළමු ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.
එමඟින් ග්‍රාමීය බැංකුව හරහා කඩිනම් සේවාවක් සැලසීමට බලාපොරොත්තු වන අතර ඒ අනුව පළමු අදියරේ අත්තනගල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ කළගෙඩිහේන ග්‍රාමීය බැංකුව මෙසේ ඩිජිටල්කරණය කිරීම සිදුවිය.
ඒ, අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා ද මෙම අවස්ථාවට එක් විය.
මෙම ඩිජිටල්කරණ ව්‍යාපෘතිය තුළින් ග්‍රාමීය බැංකුවේ ගණුදෙනුකරුවන්ට සිය සේවාවන් පහසුවෙන් ඉටුකරගත හැකි අතර එමෙන්ම ආරක්ෂාකාරීව ගණුදෙනු සිදුකළ හැකිවීම විශේෂත්වයකි.






