/ Oct 25, 2026

විදුලි වාහන වැඩි වෙයි

මෙරට විදුලි වාහන ලියාපදිංචිය පසුගිය වසර 2ක කාලය තුළ වැඩි වී ඇති බව සංඛ්‍යාලේඛන අනාවරණය කරයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2025 වසරේ දී විදුලි වාහන 41443ක් ලියාපදිංචි කර ඇති අතර, 2026 වසරේදී එය 39700කි.

ලෝක ඉන්ධන අර්බුදය නිසා තෙල් මිල ඉහළ යෑම වැනි හේතු විදුලි වාහන මිලට ගැනීමට බලපෑවද මෙරට තිබෙන ඉන්ධන දහන වාහන ලක්ෂ 40ට සාපේක්ෂව මෙය කුඩා ප්‍රමාණයකි.

විදුලි වාහන ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගෙන තිබුණ ද ඒවා ප්‍රවර්ධනය කිරීමේ ව්‍යුහාත්මක දුබලතා නිසා විදුලි වාහන ලබා ගැනීමේ ප්‍රතිශතය සැලකිය යුතු තරම් ඉහළ දමා ගැනීමට නොහැකි වී ඇති බවද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top