හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (27) පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් සිදු කරනු ලැබුවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය එක් එක් හිටපු ජනාධිපතිවරුන්ට විදේශ සංචාර සඳහා වැය වූ මුදල් ප්‍රමාණයන් පිළිබඳව සඳහන් කළාය.
ඒ අනුව ,
2010 සිට 2014 දක්වා කාලය තුළ මහින්ද රජපක්ෂ – මිලියන 3,572
2015 සිට 2019 දක්වා කාලය තුළ මෛත්‍රීපාල සිරිසේන – මිලියන 384
2020 සිට 2022 දක්වා කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ – මිලියන 126
2023 සිට 2024 දක්වා කාලය තුළ රනිල් වික්‍රමසිංහ – මිලියන 533
2024 සැප්‍තැම්බර් සිට 2025 පෙබරවාරි දක්වා කාලය තුළ අනුර කුමාර දිසානායක – මිලියන 1.8ක් ලෙසයි වියදම් සටහන දැක්වෙන්නේ.
2010 සිට 2025 දක්වා වැඩිම වියදම දරා ඇත්තේ, 2013 වසරේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් වන අතර එය රුපියල් මිලියන 1,144ක් බව අගමැතිනිය වැඩිදුරටත් අවධාරණය කළාය.