ජයවර්ධනපුර සමුපකාරය සතුව තිබෙන බදුවත්ත නම් ඉඩමෙන් කොටසක් දේශපාලන බලය යොදාගෙන හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනගේ පවුලේ අය සතු කරගෙන ඇතැයි අද (19) පාර්ලිමේන්තුවේදී සඳහන් විය.
එයට අමතරව එහි ඉඩමක් හිටපු නගරාධිපති ජනක රණවකගේ සහෝදරයෙක්ද ඉඩමක් අල්ලාගෙන ඇති බව අනාවරණය වී තිබේ.
තඹුත්තේගම ඉන්ධන පිරවුම්හල බර්ටි ප්‍රේමලාල් දිසානායක පවුල සතු කරගෙන තිබෙන බවද එහිදී සඳහන් විය.