මාසික මිල සංශෝධනය යටතේ ඉන්ධන මිල සංශෝධනය කර ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.
ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නංවා ඇති අතර, නව මිල රුපියල් 490කි. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි මිල රුපියල් 424 කි. ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 05කින් වැඩි කර ඇති අතර එහි වත්මන් මිල රුපියල් 497කි. ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 543ක් දක්වා ඉහළ යනු ඇත.
භූමිතෙල් මිල ඉහළ දමා නැත. ඒ අතර මෙරට ඉන්ධන අලෙවි කරන අනෙකුත් සමාගම් ද මිල සමාන කිරීම පිණිස මිල සංශෝධනයට කටයුතු කරන බව වාර්තා වේ.





