රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය වැඩි කිරීමෙන් පසු මාසයකට වාර්තා තුන්දාහක් පමණ නිකුත් කරන බව එහි නිලධාරීහු පවසති.
අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර පසුගිය දිනක එම දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදී ඔවුහු මේ බව සඳහන් කළහ.
මේ වනවිට මත්ද්‍රවලට අදාල වාර්තාවලට වැඩි අවධානයක් යොමුකරන බැවින් ඩීඑන්ඒ පරීක්ෂණ ගොඩ ගැසී ඇතැයි ද නිලධාරිහු කියා සිටියහ.
ඒ අනුව ඩීඑන්ඒ පරීක්ෂණ වාර්තා කඩිනම් කිරීමට අලුතෙන් නිලධාරින් බඳවා ගෙන පුහුණු කිරිමට රජය සාකච්ඡා කරමින් සිටින බව හර්ෂණ නානායක්කාර ඇමැතිවරයා එහිදී පවසා තිබේ.
අමිත් මධුරංග ගමගේ






