2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවක වැටුප් සංශෝධන ඇතුළත් චක්‍රලේඛය නිකුත් කර තිබේ.
අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය ඊයේ දිනයේ නිකුත් කර ඇත.
2025 අයවැය යෝජනා අනුව රජයේ සේවකයෙකුගේ අවම මූලික වැටුප රුපියල් 15,750කින් ඉහළ නැංවනු ඇත. එහෙත් එය සිදුවන්නේ 2027 වසර දක්වා අදියර තුනක් යටතේ ය.
ඒ අනුව රජයේ සේවකයෙකුගේ මූලික වැටුප මෙම වසරේදී අවම වශයෙන් රුපියල් 5,975කින් ඉහළ නැංවෙනු ඇති.
රාජ්‍ය සේවකයකුගේ වැටුපට මෙතෙක් එක් කර තිබූ රුපියල් 7,500ක දීමනාව ද අප්‍රෙල් මාසයේ සිට මූලික වැටුපට එක් කෙරේ.
ඒ අනුව රුපියල් 24,250ක අවම මූලික වැටුපක් හිමි රජයේ සේවකයෙකුගේ වැටුප අප්‍රේල් මස සිට රුපියල් 5,975කින් වැඩි වීමට නියමිතයි.