/ Apr 20, 2025

ඉංගිරියේ විදුලිය යථා තත්වයට!

Electricity restored in Ingiriya!

දැඩි සුළං තත්වයක් සමඟ මහ වැසි ඇද වැටීම නිසා බිඳ වැටුණු ඉංගිරිය ප්‍රදේශයේ විදුලිය යථා තත්වයට පත් කර ඇතැයි වාර්තා වේ.

දින 5කට පෙර සවස් කාලයේ දැඩි සුළං තත්වයක් හටගත් අතර, තේ වතු ආශ්‍රිතව තිබූ දැවැන්ත මාර ගස් ආදිය කඩා වැටීම නිසා අධිබල විදුලි රැහැන් අනු රැහැන් ද කඩා වැටී තිබුණි. මේ හේතුවෙන්, ඉංගිරිය, මහඉංගිරිය ආදී ප්‍රදේශ ගණනාවකට දින 4ක් පුරා විදුලි බලය ඇණ හිට තිබු අතර ජනතාව මහත් අපහසුතාවකට පත් විය.

කර්මාන්ත සහ වෙළඳ ව්‍යාපාරවලට ද සැලකිය යුතු පාඩුවක් සිදුව ඇති අතර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ද අමාරු අඩියකට වැටී සිටියහ. මාධ්‍ය මේ ගැන වාර්තා කර තිබුණේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ගම බවද සඳහන් කරමිනි. කෙසේ වෙතත් ඊයේ (25) සවස වන විට විදුලි බලය යථා තත්වයට පත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top