/ Apr 20, 2025

අඩුවට ගුණට කෑම දෙන්න ආණ්ඩුවෙන් හෝටල්!

Government hotels to provide quality food at low prices!

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව ඉහළ ආහාර වේලක් ලබා දීම සඳහා ආපනශාලා ජාලයක් ස්ථාපිත කිරීමට රජය සූදානම් වේ. එහි පළමු ආදර්ශ ආපනශාලාව අප්‍රේල් 01 දා සිට නාරාහේන්පිට දී විවෘත කිරීමට නියමිත වේ.

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය සහ කෘෂිකර්ම අමාත්‍යංශ එක්ව දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේද සහයෙන් මෙය ක්‍රියාත්මක කිරීමට යන බව සඳහන් වේ.

දැනට පවත්වාගෙන යන ආපනශාලාවල ප්‍රමිතිය ඉහළ නැංවීමද, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හා සම්බන්ධිතව මෙය ඉදිරියට ගෙන යන ආකාරයද සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top