හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ නිවසට 2022 ජූලි 9 දා එල්ල කළ ප්‍රහාරයේදී එය ගිනිගත් පසු එම ගින්න පාලනය කිරීමට පැමිණි ගිනි නිවන රථ වෙත බාධා කළ සැකකරුවෙකු ලෙස තරුණ කටයුතු නි. ඇමැති එරංග ගුණසේකරව නම් කර තිබේ. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.
නඩුව කැඳවූ ඊයේ (27) දින නි. ඇමැතිවරයාගේ නීතිඥවරයා අධිකරණය හමුවේ පෙනී සිටිමින් සඳහන් කළේ, සිය සේවාදායකයා අසනීප තත්වයෙන් පසු වූ බවයි.
සිද්ධියේ සැකකරුවන් කිහිපදෙනෙක් වෙත වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා ඊළඟ නඩුවාරයේදී පෙනී සිටින ලෙස නි. ඇමැතිවරයාට නියෝග කරනු ලැබීය.