සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය සහ අධිකරණ කාර්යය මණ්ඩලවලින් ප්‍රකාශ ලබාගැනීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇත.
ඒ අනුව දැනටමත් අධිකරණය, පොලිසිය, පොලිස් විශේෂ කාර්යය බළකාය සහ බන්ධනාගාර නිලධාරීන් තිස්දෙනෙකුගෙන් පමණ මේ වන විට ප්‍රකාශ ලබාගෙන ඇති බවයි සීසීඩි ආරංචි මාර්ග පවසන්නේ.
මෙම නිලධාරීන් කිසිවෙකු හෝ වෙඩික්කරුට හෝ වෙඩික්කරුගේ පාර්ශ්වයට සහය දි ඇතිදැයි දැන ගැනීම සඳහා මෙම විමර්ශන කටයුතු සිදු කෙරේ.
බූස්ස බන්ධනාගාරයේ සිට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දක්වා ගණේමුල්ල සංජීව රැගෙන ආ බන්ධනාගාර නිලධාරීන් සහ සංජීවට ආරක්ෂාව ලබාදුන් එස්.ටී.එෆ්. නිලධාරීන් පහළොවකට ආසන්න සංඛ්‍යාවකගෙන් ද ප්‍රකාශ ලබා ගැනීම අරඹා ඇති අතර සිද්ධිය වූ මොහොතේ අධිකරණයේ මූලාසනය හෙබ වූ මහේස්ත්‍රාත්වරියගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇතැයි සඳහන්.
එය බොහෝ දුරට අද (24) හෝ හෙට (25) සිදුවනු ඇතැයි එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ ය.
ඊට අමතරව, සිද්ධිය වන මොහොතේ අධිකරණ භුමියේ රඳවා සිටි සැකකරුවන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් ද, සිද්ධිය ඇසින් දුටු කිහිප දෙනෙකුගෙන් ද ,අවශ්‍ය වුවහොත් ගණේමුල්ල සංජිව රඳවා සිටි බූස්ස බන්ධනාගාරයේ සැකකරුවන්ගෙන් හා නිලධාරීන්ගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි සීසීඩි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.