මහ මැතිවරණයෙන් පසු ආණ්ඩුව පිළිබඳව පවතින ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇති බව “වෙරිටේ රිසර්ච්” විසින් සිදුකරන ‘රට හිතන හැටි’ ජනමත විමසුමේ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
වෙරිටේ රිසර්ච් විසින් එම තොරතුරු ඇතුලත් නිවේදනය ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව 2024 වසරේ ජූලි මාසයේ 24%ක් ලෙස සටහන් වූ අගය මෙවර 62%ක් දක්වා ඉහළට ගොස් ඇති බවයි දක්වා ඇත්තේ.
ආර්ථික අර්බුදයෙන් පසු ප්‍රථම වතාවට ජනගහණයෙන් බහුතරයක් (55%ක්) ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව සිතන්නේ යැයි මෙම සමීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
කෙසේවුවත්, ජනගහණයෙන් 47%කගේ අදහස සමස්තයක් වශයෙන් රටේ ආර්ථික තත්ත්වය තවමත් දුර්වල මට්ටමක පවතින බව යන්නත් රට හිතන හැටි 2025 පෙබරවාරි ප්‍රතිඵල වලින් කියැවෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
එය, 2024 ජූලි මාසයේ වාර්තා වූ 71%ක ප්‍රතිශතයට වඩා අඩු බවයි දැක්වෙන්නේ.