/ Apr 20, 2025

බ්‍රිතාන්‍ය පැනවූ සම්බාධක ගැන රජයේ ස්ථාවරය මෙන්න

එක්සත් රාජධානිය විසින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය දැනුම්දෙමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම අමාත්‍යාංශය අවධාරණය කර සිටින්නේ අදාල පුද්ගලයන් සතුව එරට ඇති වත්කම් අත්හිටුවීම සහ ඔවුන්ට එරටට ඇතුළු වීම තහනම් කිරීම ඇතුළත් මෙම සම්බාධක එක්සත් රාජධානියේ රජය විසින් ගන්නා ලද ඒක පාර්ශ්වික පියවරක් බවයි.

රටවල් විසින් ගනු ලබන එවැනි ඒකපාශ්චික පියවර ශ්‍රී ලංකාවේ දේශීය සංහිඳියා ක්‍රියාදාමයට කිසිදු සහයක් නොදක්වන බවත් තත්ත්වය තවදුරටත් ව්‍යාකූල කිරීමට ඉවහල් වන බව නිරීක්ෂණය වන බවත් එම නිවේදනයේ සඳහන්.

වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියෙහි රජය නිරත වී සිටින අතර අතීතයේදී සිදු වූ යම් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඇතොත් ඒවා පිළිබඳව දේශීය වගවීම යාන්ත්‍රණ හරහා කටයුතු කළ යුතු බවයි එම නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ.

එසේම ශ්‍රී ලංකා රජයේ මෙම ස්ථාවරය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා වෙත අද දින (26) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී දැනුම් දුන් බව ද සඳහන්.

අදාළ නිවේදනය පහතින්,

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top