පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි ගෙන එන යෝජනාවන් සඳහා සහයෝගය ලබා දෙනාව ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ පිළිබඳව අධ්‍යයනය කර පක්ෂයක් ලෙසට තීන්දුවක් ගන්නා බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙසේ ද කීය.
“පුද්ගලයා පදනම් කරගෙන තීන්දු ගන්න බෑ. අපිත් රජයේ නිලධාරීන්ට විරුද්ධව දෝෂාභියෝග, විශ්වාසභංග ඉස්සර ගෙනල්ල අපිත් අනාගත්තා. කොහොම වුණත් දේශබන්දුගේ ධූරය සම්බන්ධව අධිකරණයේ නඩුවකුත් යනවා. අපි තීරණක් ගනිද්දි ඒ දේවල් ගැනත් සැලකිලිමත් වෙනවා.
අනිත් එක දේශබන්දු පොලිස්පති ධූරයෙන් ඉවත් කරන්න යම්කිසි ක්‍රමවේදයක් අවශ්‍යයි. ආණ්ඩුවට 159ක් හිටිය කියලා පක්ෂය තීන්දු අරන් ලියුමක් අත්සන් කරලා දුන්නා කියලා ඒ දේවල් කරන්න බැහැ.
රජයේ නිලධාරියෙකු අයින් කරන්න ඕනෙ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේද අනුගමනය කරලා ඒ සම්බන්ධ යෝජනාව පාර්ලිමේන්තුවට ආවම අපි පක්ෂයක් විදියට තීන්දුවක් ගන්නවා”.