/ Apr 20, 2025

ගිනිගත් යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනාට සිදු වූ දේ මෙන්න

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල මිනුවන්ගැටේ ප්‍රදේශයට අද (21) පෙරවරුවේ කඩා වැටී තිබුණු අතර එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනා දිවි බේරාගෙන තිබේ.

කාර්මික දෝෂයක් හේතුවෙන් මෙසේ මෙම යානය වැටී ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ සඳහන් කළේ.

යානය කඩා වැටෙන අවස්ථාවේ දී එහි පුහුණු නියමුවන් දෙදෙනා ආරක්ෂිතව ඉන් ඉවත්වී ඇති බව සඳහන්.

ගුවන් යානය කඩා වැටෙනාවත් සමඟ නියමුවන් දෙදෙනා පැරෂුට් ආධාරයෙන් පාදෙණිය ප්‍රදේශයට බැස තිබුණි.

ගුවන් නියමුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි ගුවන් හමුදා ආරංචි මාර්ග සදහන් කළේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ පුහුණු ජෙට් යානයකි.

යානය පොල්වගා භූමියක් වෙත කඩා වැටී ඇති අතර, එය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top