/ Jul 02, 2025

ජීවිත දෙකක් අහිමි කළ මාරක රිය අනතුර

නෙළුව – පැලවත්ත මාර්ගයේ ධාවනය වූ ත්‍රීරෝද රථයක් සහ තේ දළු රැගෙන ගිය ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ නෙළුව කළුබෝවිටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 55 සහ 27 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.

නෙළුව – පැලවත්ත මාර්ගයේ හතේ කණුව ප්‍රදේශයේ දී ලොරි රථය සහ ත්‍රීරෝද රථය මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් තිනියාවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top