/ Mar 22, 2025

හිරුනිකා විවාහයට තිත තබයි!

Hirunika gets divorced

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සිය විවාහයට සමුදීමට තීරණ කර තිබේ. ඇය මේ බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් දැනුම් දෙයි.

බොහෝ දුරට කල්පනා කිරීමෙන් පසුව හිරාන් සමඟ වන විවාහයෙන් වෙන් වීමට තීරණය කළ බවත්, එම තීරණය අන්‍යෝන්‍ය ගෞරවය හා අවබෝධයෙන් ගත් බවත් ඇය පවසයි. වසර 10කට ආසන්න කාලයක් එක්ව ගත කළ බව කියන ඈ, ජීවිතය යනු අනපේක්ෂිත අත්හැරීමක් බැවින් විවාහය සදහටම වන පොරොන්දුවක් නොවන බවද කියා සිටියි.

මාවත් දෙකක් තෝරාගැනීමේ සන්ධිස්ථානයකට පැමිණි බැවින් මාස ගණනක් කල්පනා කර එකිනෙකා ස්වාධීන වීමට තීරණය කල බවද එම සටහනේ කියා ඇති අතර එය දෙදෙනා විසින් තබන ලෙස සටහනක් ලෙසින් අවසන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top