සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වූ පීඩාකාරී ලෙස දරුවන්ට පහර දෙන ටියුෂන් ගුරුවරයෙකු වන යෝෂිත හෙට්ටිආරච්චි යන අයට එරෙහිව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.
එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, ඔහුගෙන් පීඩාවට පත් දරුවන් සිටී නම් 1929 අංකයට දැනුම් දෙන ලෙසයි.
ඊයේ (11) දින මෙම පුද්ගලයා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත කැඳවා තිබුණ ද ඔහු එය මග හැර තිබේ. කෙසේ වෙතත් අධිකරණ නියෝගයකින් තොරව ඔහුව අත්අඩංගුවට ගැනීමට අධිකාරියට බලය ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බව සඳහන්.
ඒ අතර මෙම පුද්ගලයාගේ ක්‍රියාකලාපය පිළිබඳවත්, ඔහුගේ උපාධිය වංචනික බවත් සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රගතිශීලී තරුණ ව්‍යාපාරය නම් සංවිධානයක් විසින් පැමිණිලිද කර තිබේ.