හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා වන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සම්බන්ධ ‘සිරිලිය සවිය’ ගිණුම පිළිබඳ සිදුකරන විමර්ශනවලට අදාළවය.
ශිරන්ති රාජපක්ෂවද අද (07) පෙරවරුවේ කිරුළපන පූර්වාරාම පාරේ පිහිටි නිවසේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගත් රුපියල් ලක්ෂ 100ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම මගින් දූෂණය හා පොදු දේපළ පනත යටතේ වන වැරදි සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇය අත්අඩංගුවට ගෙන තිබේ.




