/ Feb 05, 2025

සැමියා බිරිඳට කළ අපරාධයෙන් පවුලක් විනාශයි

සිය බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැමියෙකු අද (04) අලුයම නාවලපිටිය පොලීසියට භාර වී තිබේ.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නාවලපිටිය සෙම්රොක් ප්‍රදේශයේ පදිංචිව සිටි ගයානි දිල්රුක්ෂි කුමාරි නැමැති 46 හැවිරිදි තිදරු මවක් බවයි සඳහන් වන්නේ.

කොළඹ ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන අතර ඇය දානමය පිංකමකට සහභාගි වීම සඳහා ඊයේ (03) නාවලපිටිය ප්‍රදේශයට පිහිටි දියණියගේ නිවසට පැමිණි අවස්ථාවේදී අද(04) අලුයම 1.30ට පමණ නිවසේ පහළ මහලේ ජනේලයකින් හොර රහසේ නිවසට ඇතුළු වු සැකකරු නිවසේ කාමරයේ නිදාගෙන සිටි මරණකාරියට පිහියෙන් ඇන ඇති අතර ඒ සමග ඇය බේරිම සඳහා නිවසෙන් පිටතට දිවගිය ඇත.

මරණකාරියගේ දියණිය පවසා ඇත්තේ එලෙස නිවසින් පිටතට දිවගිය මව පසුපස හඹා ගොස් පියා විසින් නිවසෙන් පිටතදී යළිත්වරක් මවට පිහියෙන් ඇන ගලකින් හිසට පහරදුන් බවයි.

සිය සැමියා සමඟ නිරන්තරයෙන් ආරවුල් ඇති වන නිසා දියණියගේ නිවසේ නැවතී සිටි බවයි පැවසෙන්නේ.

මව බේරීමට ගිය දියණියට ද තුවාල සිදුවි ඇති බවත්, මෙම ඝාතනය පවුල් ආරවුලක් මත සිදුකළ ඝාතනයක් බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top