/ Mar 22, 2025

වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු හෙටම අල්ලන්න! – GMOA දැඩි තීරණයක් ගනී

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියට මුල් වූ සැකකරු හෙට (12) දිනය තුළ අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවහොත්, උතුරුමැද පළාතේම වර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි.

32 හැවිරිදි අදාළ වෛද්‍යවරිය ඊයේ (10) තමන්ගේ රාජකාරී කටයුතු නිමවී වෛද්‍යවරුන් සඳහා රජයෙන් ලබාදී තිබෙන තම නේවාසිකාගාරයට ගොස් සිටිය දී නාඳුනන පුද්ගලයෙකු පැමිණ පිහියක් පෙන්වා ඇයව බිය ගන්වා දූෂණය කර ඇති බව සඳහන්.

අදාළ සිදුවීමට විරෝධය දක්වමින් අද දිනයේ දී අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරත විය.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top