ඉමිතියාස් බාකීර් මාකර් සමගි ජනබලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු පවසා ඇත්තේ තමන් සභාපති ධුරයෙන් මෙන් ම පක්ෂයේ දරණ සියලු ම සෙසු තනතුරු වලින් ද ඉල්ලා අස්වන බවයි.
අදාළ ලිපියෙහි පිටපත් පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ හර්ෂ ද සිල්වා යන අය වෙත ද යොමු කර ඇති බවට තොරතුරු වාර්තා වේ.