හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ රජයේ මුදල් වැය කරමින් වර්ෂ 2023 දී ලන්ඩනයේ සංචාරයක නිරත වූ බවට කෙරුණු ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව පෙන්වාදෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයේ සඳහන් පරිදි රනිල් වික්‍රමසිංහ 2023 වර්ෂයේදී තුන්වරක් ලන්ඩනයේ සංචාරය කර තිබේ.
තෙවන වතාවේ දී රනිල් වික්‍රමසිංහ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ ජගත් සමුළුවට සහභාගී වී ඇති අතර එම දිනවලම මෛත්‍රී වික්‍රමසිංහට මහා බ්‍රිතාන්‍යයේ වුල්වන්හැම්ප්ටන් (Wolverhampton) විශ්වවිද්‍යාලයෙන් මහාචාර්ය පදවිය ප්‍රධානය කිරීමේ උත්සවයට සහභාගී වූ බව එහි දක්වා තිබේ.
වුල්වන්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවති එම උත්සවයට ලැබුණු ආරාධනය මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එයට සහභාගීම සඳහා ලන්ඩන් නගරයට ගිය බව සඳහන් වේ.
මේ සංචාරවලදී රනිල් වික්‍රමසිංහ රාජ්‍ය නායකයින් රැසක් හමුවූ බවද සඳහන් වේ.
ජනපති බිරිඳ ලෙස මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ඒ අතරතුරදී ජාත්‍යන්තර මට්ටමින් සංවිධානය කෙරුණු රැස්වීම්, වැඩමුළු ආදියටද සහභාගී වී තිබේ.
නිව්යෝක් නුවර සිට පැමිණ දිවා කාලයෙන් පසුව ලන්ඩන් නගරයෙන් පිටවීමට කලින් සැලසුම් කර තිබුණ ද එදින පස්වරුවේ හමුවීම් කිහිපයක් පැවැති බැවින් රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවට පැමිණීම පසුදා තෙක් කල් දමා ඇති බව සඳහන්.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ නිලධාරීන්ගේ ලන්ඩන් සංචාරයක් සඳහා ප්‍රකාශිත ආකාරයේ අධික මුදලක් වැය වූයේ යැයි පැවසීම අතිශය ගැටලු සහගත බවත් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් කරන සංචාර පිළිබඳ වත්මන් රජයට අවබෝධයක් නොමැති බව මේ අනුව පැහැදිලි වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ රජයේ වියදමින් ලන්ඩන් නුවරට 2023 වර්ෂයේදී කිසිදු පෞද්ගලික සංචාරයක නිරත වී නැති බවත් ඒ පිළිබඳව කරන සියලු ප්‍රකාශ සාවද්‍යය බවත් එම නිවේදනය මගින් පෙන්වා දී ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කළ එම නිවේදනය පහතින්,
